القرآن الكريم المصحف الإلكتروني إذاعات القرآن صوتيات القرآن أوقات الصلاة فهرس الموقع

ප්රශ්න අංක 15. අල්-ඉහ්ඃලාස් (චිත්ත පාරිශුද්ධිය) පරිච්ඡේදය පාරායනය කර එය අර්ථ විග්රහය කරන්න.?

පිළිතුර- අල්-ඉහ්ඃලාස් (චිත්ත පාරිශුද්ධිය) පරිච්ඡේදය සහ එහි අර්ථ විග්රාහය

අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වූ අල්ලාහ් ගේ නාමයෙනි.

1. (නබි මුහම්මද්!) පවසනු. ඔහු, එනම් අල්ලාහ් ඒකීයය. 2. අල්ලාහ් ස්වාධීනය. 3. ඔහු ජනිත නොකළේය. තවද ඔහු ජනිත කරනු නොලැබුවේය. 4. තවද ඔහුට සමාන කිසිවෙකු නොවීය. අල්-ඉක්ලාස් (චිත්ත පාරිශුද්ධිය) පරිච්ඡේදය:1-4

අර්ථ විග්රහය:

1. (අහෝ දූතය!) නුඹ මෙසේ පවසනු: අල්ලාහ් වන ඔහු දේවත්වයෙන් තනි වූ කෙනෙකි. පිදුම් ලබන්නට ඔහු හැර වෙනත් කිසිවකු නැත.

2. පූර්ණ හා අලංකාර ගුණාංග තුළ උපරිමයෙන්ම කීර්තියට පත් ප්රධානියා ඔහුය. සියලු මැවීම් ඔහුගෙන් යැපෙනු ඇත.

3. ඔහු කිසිවකු ජනිත කළේ නැත. එසේම කිසිවෙක් විසින් ඔහුව ජනිත කරනු ලැබුවේද නැත. පිවිතුරු ඔහුට කිසිදු දරුවකු හෝ පියකු හෝ නැත.

4. ඔහුගේ මැවීම් තුළ ඔහුට සමාන කිසිදු උපමාවක් නැත.